Thursday, August 13, 2009

පුංචි අරුමය සහ ලොකු කරුමය

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීමේ අරමුණෙන් නිර්මාණය කර ඇති Small Miracle (පුංචි අරුමය) නම් දැන්වීම් මාළාව පිළිඹඳව පසුගිය කාළයේ බොහෝ දෙනා කථාබහ කරනු පෙනිනි. එකී දැනිවීම් පෙළෙහි එන Small Miracle යන තේමාවටද ඉන් එක් දැන්වීමක එන (පහත දෙවැනි වීඩියෝව) කාන්තාවක් ලංකා සිතියම තම බෑගයට දමා ගන්නා දර්ශණයටද ජනධිපතිතුමාගේ සහ නව සංචාරක අමාත්‍යතුමාගේ විරෝධය පළවී ඇති බවද පුවත්පත් කිහිපයක වාර්ථා කර තිබුනි.

එම විවේචන කෙසේ වෙතත් මෙම දැන්වීම් ඉතා ආකර්ශණීයව නිර්මාණය කර ඇති බව පෙනේ. සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ අරමුණෙන් වෙනත් රටවල් විසින් නිපදවා ඇති දැන්වීම්වලටත් වඩා සිත් ඇදගන්නා අයුරින් මෙම දැන්වීම් පෙළ නිපදවා ඇත. පෞද්ගලිකව මාගේ අදහසනම් Small Miracle යන තේමාවේ හොඳ නරක දෙකම සම සමව ගැබ්වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම දැන්වීම් පෙළ සඳහා දැනටමත් කාළය, ශ්‍රමය සහ ධනය වැයකොට අවසන්ය. හිටපු සංචාරක අමාත්‍යතුමාත් (මිලින්ද මොරගොඩ මහතා) සංචාරක අමාත්‍යංශයත් ජනාධිපතිතුමාත් මේ පිළිඹඳව උනන්දුවක් දක්වන සියළු දෙනාත් මුළ සිටම මනා සම්බන්ධීකරණයකින් හා අවබෝධයකින් ක්‍රියා කළේ නම් මෙම නාස්තිය වලක්වා ගැනීමට ඉඩ තිබුනි.

දැන් සියල්ල සිදුවී හමාරය. හිටපු සංචාරක අමාත්‍යතුමාටත් ජනාධිපතිතුමා ඇතුළු රජයටත් මෙහි වගකීමෙන් බැහැර විය නොහැක.









නව සංචාරක අමාත්‍ය නන්දන ගුණතිලක මහතා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ "හෙළදිව" පුවත් පතෙහි මෙම දැන්වීම් පෙළ සම්බන්ධව පළවූ විවේචනාත්මක ලිපිය මෙතැනින් බාගන්න.

No comments:

Post a Comment