Thursday, August 13, 2009

පුංචි අරුමය සහ ලොකු කරුමය

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීමේ අරමුණෙන් නිර්මාණය කර ඇති Small Miracle (පුංචි අරුමය) නම් දැන්වීම් මාළාව පිළිඹඳව පසුගිය කාළයේ බොහෝ දෙනා කථාබහ කරනු පෙනිනි. එකී දැනිවීම් පෙළෙහි එන Small Miracle යන තේමාවටද ඉන් එක් දැන්වීමක එන (පහත දෙවැනි වීඩියෝව) කාන්තාවක් ලංකා සිතියම තම බෑගයට දමා ගන්නා දර්ශණයටද ජනධිපතිතුමාගේ සහ නව සංචාරක අමාත්‍යතුමාගේ විරෝධය පළවී ඇති බවද පුවත්පත් කිහිපයක වාර්ථා කර තිබුනි.

එම විවේචන කෙසේ වෙතත් මෙම දැන්වීම් ඉතා ආකර්ශණීයව නිර්මාණය කර ඇති බව පෙනේ. සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ අරමුණෙන් වෙනත් රටවල් විසින් නිපදවා ඇති දැන්වීම්වලටත් වඩා සිත් ඇදගන්නා අයුරින් මෙම දැන්වීම් පෙළ නිපදවා ඇත. පෞද්ගලිකව මාගේ අදහසනම් Small Miracle යන තේමාවේ හොඳ නරක දෙකම සම සමව ගැබ්වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම දැන්වීම් පෙළ සඳහා දැනටමත් කාළය, ශ්‍රමය සහ ධනය වැයකොට අවසන්ය. හිටපු සංචාරක අමාත්‍යතුමාත් (මිලින්ද මොරගොඩ මහතා) සංචාරක අමාත්‍යංශයත් ජනාධිපතිතුමාත් මේ පිළිඹඳව උනන්දුවක් දක්වන සියළු දෙනාත් මුළ සිටම මනා සම්බන්ධීකරණයකින් හා අවබෝධයකින් ක්‍රියා කළේ නම් මෙම නාස්තිය වලක්වා ගැනීමට ඉඩ තිබුනි.

දැන් සියල්ල සිදුවී හමාරය. හිටපු සංචාරක අමාත්‍යතුමාටත් ජනාධිපතිතුමා ඇතුළු රජයටත් මෙහි වගකීමෙන් බැහැර විය නොහැක.









නව සංචාරක අමාත්‍ය නන්දන ගුණතිලක මහතා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ "හෙළදිව" පුවත් පතෙහි මෙම දැන්වීම් පෙළ සම්බන්ධව පළවූ විවේචනාත්මක ලිපිය මෙතැනින් බාගන්න.

Monday, August 10, 2009

කළියුගය සහ වත්මන් රජය

අද අප දිවි ගෙවන්නේ අපූර්ව යුගයක ය. බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සිත් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගැන් වූ සුභ සිහින රැසකින් පිරී ගොස් ඇත. ශ්‍රී ලංකාව බලවත් සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීම හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමනක් යැයි සිතන අයද වෙති. හෙටක් ගැන බලාපොරොත්තුවක් නොමැතිව සිටි සමාජයක් දීප්තිමත් අනාගතයක් ගැන බලපොරොත්තු දල්වාගෙන සිටීම එක අතකින් විශ්මයජනකය. යුධ විජයග්‍රහණයත් සමග අතිවූ මේ තත්ත්වය රටේ අස්සක් මුල්ලක් නෑරම පැතිර පවතින බව පෙනේ.

රටක මහ ජනතාව මෙලෙස රටේ අනාගතය පිළිබඳ දැඩි උනන්දුවෙන් සහ ධනාත්මක හැඟීමකින් කටයුතු කිරීම රජයකට කළාතුරකින් ලැබෙන වාසියකි. නමුත් ඉන් නියම ඵල ප්‍රයෝජන ලබා ගැනීමට රජය අපොහොසත්වුවහොත් මේ උනන්දුව ටික දිනකින්ම වියැකීගොස් නැවතත් පරණ පුරුදු ලංකාවම බවට යළි පරිවර්ථනය වනු ඇත.

පසුගිය සුනාමි විපතින් පසු කාළය තුලද සියළු දෙනා එකට එක්ව මහන්සිවී වැඩකොට රට නගාසිටුවිය යුතුය යන අදහස සමාජය තුළින්ම ඉදිරියට පැමිනියේය. නමුත් ඉන් ප්‍රයෝජනයක් ගත හැකි ආණ්ඩුවක් හෝ ආණ්ඩුව එතැනට තල්ලු කලහැකි විපක්ෂයක් අපට නොවීය.

යුද්ධය විෂයයෙහි නම් වත්මන් රජය දක්වා ඇති දස්කම් අවිවාදිතය. සුදුස්සන් සොයගෙන ඔවුන්ට සුදුසු තැන් ලැබාදීමත්, ඔවුන්ට බධාවලින් තොරව සිය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමමට පහසුකම් සලසා දීමත්, විවිධ බහිර බලපෑම් වලින් ඔවුන් ආරක්ෂා කරගැනීමත් මෙම විජයග්‍රහණයේ රහස විය. මුළු කොටි නායකත්වයම සමූළඝාතනය කිරීමෙන් නොනැවතී රටින් පැන ගොස් දිවි බේරාගෙන සිටි එකම මුල් පෙළේ කොටියාත් මැලේසියවටම්ම ගොස් කුදලාගෙන පැමිණීමට හැකිවීමෙන්ම එහි සාර්ථකත්වය මොනවට පෙන්නුම් කෙරේ.

මොන ප්‍රශ්ණ තිබුනත් ජනතාව රජය කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවන බවද, යුද්ධය විජයග්‍රහණය කිරීම වෙනුවෙන් කෘතගුණ සලකන බවද පසුගිය මැතිවරණ ප්‍රථිපල වලින් තහවුරු වේ. එහෙත් යුද්ධයක් නතරවීමෙන් පමණක් රටක් ඉබේටම සංවර්ධනය නොවේ. (යුද්ධයකුත් නැති දියුනුවකුත් නැති රටවල් ඕනෑ තරම් තිබේ.) දැන් උදාවී ඇත්තේ ආර්ථික හා සාමාජීය සංවර්ධනයක් වෙනුවෙන් රජය ඉතා උනන්දුවෙන් කියා කලයුතු කාලයයි. යුද්ධය සම්බන්ධයෙන් ක්‍රියාකල ආකාරයටම කැපවීමෙන් සහ ස්ථිර අදිටනින් ක්‍රියා කරන්නේ නම් මෙම අභියෝගයද ජයගැනීම රජයට එතරම් අමාරු නොවනු ඇත ෴

නිසසල බ්ලොග් අඩවිය...

හුදෙක් අදහස් බෙදා හදා ගැනීම පිණිස අරඹමි.